නිවාඩු ගැන කතා කරමු | Lets Learn about Leave Types & Eligibility

6 Min Read

මානව සම්පත් අංශයේ රාජකාරි කරන අය මෙන්ම රැකියාවක් කරන සියලුම දෙනාට වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ නිවාඩු කියල කියන්නේ. මෙම ලිපියෙන් කාර්යාල සහ සාප්පු පනත (shop & office act )එකට අදාල නිවාඩු ප්‍රතිපාදන ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වන්නේ.

ප්‍රධාන වශයෙන් ගත්තම , මේ සාප්පු හා කාරයාල පනත ( shop & office Act ) යටතේ නිවාඩු වර්ග තුනක් ගැන කතා වෙනවා .

  1. වාර්ෂික නිවාඩු  (Annual Leave )
  2. අනියම් නිවාඩු (Casual Leave )
  3. මාතෘ නිවාඩු ( Maternity Leave )

මේ අතරින් නිතරම කතාබහට ලක්වෙන්නේ වාර්ෂික නිවාඩු ( annual leave ) සහ අනියම් නිවාඩු ( casual leave )

වාර්ෂික නිවාඩු  (Annual Leave )

වාර්ෂික නිවාඩු එහෙම නැත්තම් උපායා ගත යුතු නිවාඩු කියලත් හදුන්වනවා .  එක් කැලැන්ඩර් වර්ෂයකට දින 14ක උපරිමයක් විදිහට මේ නිවාඩු වර්ගය ගන්න ප්‍රතිපාදන තියෙනවා පනතේ .  ඒත් එක්කම ,  මේ නිවාඩු වර්ගය ලැබෙනේ රැකියාවට සම්බන්ද වීමෙන් පස්සේ ලැබෙන පළමු කැලැන්ඩර් වර්ෂයේ ඉදල .  ඒ කියන්නේ ,  මේ අවුරුද්දේ රැකියාවට සම්බන්ද උනා නම් ,  මෙම වසරේ තමන් උපායා ගන්නා නිවාඩු ටික පාවිච්චි කරන්න පුළුවන් ලබන වසරේ ජනවාරි පළවෙනිදා ඉදලා දෙසැම්බර් 31 අතර කාලයේ .  ඒ කාලයේ පාවිච්චි කරලා නැත්තම් ,  ඊළග අවුරුද්දට ගෙනියන්න පුළුවන් කියල පනතේ කියලා නැහැ . සාමන්යෙන් වාර්ෂික නිවාඩු කියල කියන්නේ ,  කලින් ඉල්ලලා ගන්න නිවාඩු .  හදිසියේ ගන්න නිවාඩුවක් නම් ,  ඒක අනියම් නිවාඩු යටතේ ගන්න එක තමයි සුදුසු .

මුල්ම උපයගන්න පුළුවන් නිවාඩු ප්‍රමාණය තීරණය වෙන්නේ තමන් රැකියාවට බැදුන දිනය අනුව .  මේක ,  ප්‍රධාන වශයෙන් කොටස් 4කට කඩල තමයි තියෙන්නේ .

ජනවාරි – මාර්තු අතරනම් රැකියාවට බැදිලා තියෙන්නේ , උපරිම උපායා ගත් නිවාඩු ගණන 14

අප්‍රියෙල් – ජූනි අතරනම් රැකියාවට බැදිලා තියෙන්නේ , උපරිම උපායා ගත් නිවාඩු ගණන 10

ජූලි – සැප්තැම්බර් අතරනම් රැකියාවට බැදිලා තියෙන්නේ , උපරිම උපායා ගත් නිවාඩු ගණන 7

ඔක්තෝම්බර් – දෙසැම්බර් අතරනම් රැකියාවට බැදිලා තියෙන්නේ , උපරිම උපායා ගත් නිවාඩු ගණන 4

හැබැයි , ඊළග අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදගෙන් පස්සේ තමයි මේ ටික පාවිච්චි කරන්න වෙන්නේ .  දෙවනි අවුරුද්දේ ඉදල ,  එහෙම කෑලි කෑලි විදිහට එකතු වෙන්නේ නෑ . සම්පුර්ණ 14ම ලැබෙනවා .

ඊළග කාරණාව ,  මේකෙදි සේවක මහතා / මිය , රැකියාවේ ස්ථිරද නැද්ද කියන එක බලපාන්නේ නැහැ .  සමහරු කියනවා ,  ස්ථිර උනාම තමයි ලැබෙන්නේ කියල ,  ඒත් එහෙම දෙයක් පනතේ කියල නැහැ .

අනියම් නිවාඩු (Casual Leave )

අනියම් නිවාඩු කියන්නේ කල් තියා දැනුම්දීමක් නැතිව ගන්න පුළුවන් නිවාඩු .  ඒ කියන්නේ උදේට කතා කරලා අසනීපයි ,  බස් එක නෑ , අරකයි මේකයි නොයෙකුත් හේතු කියල ගන්න නිවාඩු .  මේ විදිහට ගන්න පුළුවන් නිවාඩු ප්‍රමාණය එක් කැලැන්ඩර් වර්ෂයකට 7ක් . හැබැයි රැකියාවට බැදුන මුල්ම අවුරුද්දේ ගන්න පුළුවන් උපරිමය 6ක් .

ඒක වෙන්නේ මෙහෙමයි ,

අනියම් නිවාඩු හැදෙන්නේ ,  තමන් ගේ සේවා කාලය මාසයක් සම්පුර්ණ කරාම දින බාගයක් විදිහට .  ( half-day per completed one month in service ). එතකොට ,  කැලැන්ඩරේ තියෙන්නේ මාස 12යි ,  උපරිම ප්‍රමාණය 6යි , පළමු අවුරුද්ද ඇතුලතදී .

හැබැයි ,  මේකෙදි උපයා ගත්ත අනියම් නිවාඩු ටික ගන්න ඊලග කැලැන්ඩර් අවුරුද්ද එනකන් ඉන්න උවමනා නැහැ .  මේ අවුරුද්දෙම ගන්න පුළුවන් .

දෙවනි කැලැන්ඩර් අවුරුද්දේදී ලැබෙන උපරිම අනියම් නිවාඩු ප්‍රමාණය 7ක් .

ඊළග කාරණාව ,  තමන් ඉන්නේ පරිවාස කාලයක නම් (probation period ) ,  ඒත් මේ අනියම් නිවාඩු පාවිච්ච් කරන්න පුළුවන් .

අනිත් කාරණාව ,  අනියම් නිවාඩු ඉතිරි නම් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් නැහැ .  ඒක හින්ද තමන්ගේ නිවාඩු ටික අරන් ඉවරයක් කරගන්න 🙂

මාතෘ නිවාඩු ( Maternity Leave )

මාතෘ නිවාඩු විදිහට දැනට දින 84ක කාල සීමාවක් සම්මත කරලා තියෙනවා .  මේ දින 84 කියන්නේ සාමාන්‍ය වැඩ කරන දින 84ක් .  (ඉරිදා, පෝය ,  වෙනත් වෙළද නිවාඩු හැර ). එතකොට ,  මේ දින 84 ගන්න පුළුවන් දරු ප්‍රසුතියට පෙර දින 14කුත් ඉතිරි දින 70 ප්‍රසුතියෙන් පසුව විදිහට .  හෝ ,  දින 14ම ප්‍රසුතියෙන් පසුව විදිහට .

ඒත් එක්කම ,  ලැබෙන දරුවා කීවෙනි දරුවා උනත් මේ දින 84 ප්‍රමාණය අඩු වීමක් වෙන්නේ නැහැ .

ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ .

ඊට අමතරව තව නිවාඩු වර්ග තියෙනවා, කීපයක් පල්ලෙහායින් දාන්නම් .  .

  • අසනීප නිවාඩු ( Medical Leave / Sick Leave )
  • අධ්‍යයන නිවාඩු ( study Leave )
  • පීතෘ නිවාඩු (Paternity leave )

හැබැයි ,  මේ එකක්වත් මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට අනිවාර්යෙන් දිය යුතු නිවාඩු විදිහට සදහන් වෙලා නැහැ .  ආයතනයේ අභිමතය පරිදි ඒවා ලබා දීම හෝ නොදීම කළ හැකි . හැබැයි ,  දැනටමත් මේ නිවාඩු ලබාදෙන ලංකාවේ ආයතන තියෙනව .  ඉතින් එකකින් අයින් වෙලා ඊළග එකට ගිහින් ,  මේ නිවාඩු ටිකත් තමන්ට තියෙනවා කියල හිතාගෙන වැඩ කරන්න ගියොත් අමාරුවේ .  ලංකාවේ අනිවාර්යෙන් දිය යුතු නිවාඩු ටික විදිහට තියෙන්නේ ,  වාර්ෂික උපාය ගත් නිවාඩු ( annual leave ), අනියම් නිවාඩු (casual leave ), මාතෘ නිවාඩු ( maternity leave ) විතරයි .  මීට අමතරව ,  සතියකට සැරයක් ලැබෙන සති නිවාඩුව (weekly holiday ) කියන එක එහෙමත් නැත්තම් off ඩේ එක තියෙනවා .  ඒක තමන්ගේ නිවාඩු කෝටාවෙන් අඩුවෙන දෙයක් නොවන නිසා ඒක මෙතනට අදාළ කරගෙන නැහැ .

හරි ,  එහෙනම් ලිපිය කියපු අයට මේ කාරණාව ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතනවා .  මොනවා හරි පැහැදිලි කරගන්න තියෙනවා නම් ,  පහලින් කොමෙන්ට් එකක් දාන්න .

 

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Exit mobile version